සූරා 6 · ජුස් 7
Al-An'am · 6:80
وَحَاجَّهُ قَوْمُهُ ۚ قَالَ أَتُحَاجُّونِّي فِي اللَّهِ وَقَدْ هَدَانِ ۚ وَلَا أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلَّا أَنْ يَشَاءَ رَبِّي شَيْئًا ۗ وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا ۗ أَفَلَا تَتَذَكَّرُونَ
තවද තම ජනයා තමන් සමඟ වාද කළේය. සැබැවින්ම මට යහ මඟ පෙන්වා තිබිය දී අල්ලාහ් සම්බන්ධයෙන් මා සමඟ නුඹලා වාද කරන්නෙහුද? නුඹලා කවර දෙයකට ආදේශ කරන්නෙහුද ඒ ගැන මම බිය නොවෙමි. නමුත් මාගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් පුළුල් විය. නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද ?
තෆ්සීර්
අල්ලාහ්ගේ ඒකියත්වය පිළිබඳ ආදේශ තැබූ ඔහුගේ ජනයා ඔහු සමග වාද කළෝය. ඔවුන්ගේ පිළිම පදනම් කර ගනිමින් ඔවුන් ඔහු බිය ගැන්වූහ. එවිට ඔහු “අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදුම් කිරීම විෂයයෙහි නුඹලා මා සමග වාද කරන්නෙහුද? සැබැවින්ම මාගේ පරමාධිපති මට ඒ වෙත ආශිර්වාද කර ඇත. ඔබේ පිළිම වලට මම බිය නොවෙමි. සැබැවින්ම ඒවා කිසිදු හානියක් කිරීමට උරුමයක් නැති, මා හට කිසිදු හානියක් සිදු කළ නොහැකි, එමෙන්ම සෙතක් සලසන්නටත් උරුමයක් නැති, මා හට කිසිදු සෙතක් කිරීමට නොහැකි දෑ ය. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස කිසිවක් සිදුවන්නේ නැත. ඔහු අභිමත කරන දෑ සිදුවන්නේය. සියලු දෑ පිළිබඳ වූ අල්ලාහ්ගේ දැනුමෙන් මහපොළොවේ හා අහසේ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. අහෝ! ජනයිනි, අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා ඔහුට ආදේශ තැබීමෙන් ඉවත්ව අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීම ගැන මෙනෙහි කර බලනු.”
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න