සූරා 6 · ජුස් 7

Al-An'am · 6:65

قُلْ هُوَ الْقَادِرُ عَلَىٰ أَنْ يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِنْ فَوْقِكُمْ أَوْ مِنْ تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًا وَيُذِيقَ بَعْضَكُمْ بَأْسَ بَعْضٍ ۗ انْظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ لَعَلَّهُمْ يَفْقَهُونَ

නුඹලාට ඉහළින් හෝ නුඹලාගේ පාද යටින් හෝ දඬුවමක් නුඹලා වෙත එවීමටත් නැතහොත් නුඹලා කණ්ඩායම් බවට පත් කොට නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ දරුණුකම විඳවන්නට සැලැස් වීමටත් බලය ඇත්තා ඔහුය යැයි (නබිවරය !) නුඹ පවසනු. තවද ඔවුන් වටහා ගත හැකි වනු පිණිස එම වදන් අප විස්තර කරනුයේ කෙසේදැ යි නුඹ අවධානයෙන් යුතු ව බලනු.

තෆ්සීර්

අහෝ! දූතය, ඔබ වෙත දඬුවමක් එවීමට අල්ලාහ් බලය ඇත්තාය. එය ඔබට ඉහළින් ගල්වර්ෂා, අකුණු හා සුළී සුළං වැනි ව්යසනයන්ගෙන් පැමිණිය හැක. එමෙන්ම ඔබට පහළින් භූමි කම්පා, භූමි ගිලගැනීම් වැනි ව්යසනයන්ගෙන් පැමිණිය හැක. එසේ නැතහොත් ඔබේ හදවත් අතර මතභේද ඇති කරවා, තමන් තමන්ගේ කැමැත්තට අනුව කටයුතු කරන්නට සලස්වා, ඇතැමුන් විසින් ඇතැමෙකු ඝාතනය කිරීම තුළින් ද පැමිණිය හැක. අහෝ! දූතය, මෙවන් සාධක හා සංඥා විවිධත්වයෙන් යුතු ව ගෙන හැර පා ඔබ ගෙන ආ දෑ සත්යය බවත් ඔවුන් අබියස ඇති දෑ ව්යාජ බවත් ඔවුන් වටහා ගනු පිණිස ඒවා අප පැහැදිලි කරනුයේ කෙසේ දැයි මදක් සිතා බලන්න.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න