සූරා 6 · ජුස් 7
Al-An'am · 6:57
قُلْ إِنِّي عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَكَذَّبْتُمْ بِهِ ۚ مَا عِنْدِي مَا تَسْتَعْجِلُونَ بِهِ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ الْحَقَّ ۖ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ
සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිමි. නමුත් නුඹලා එය බොරු කළෙහුය. නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නේ ද සැබැවින්ම එය මා සතු ව නැත. නීතිය අල්ලාහ් හැර වෙනත් කිසිවකු සතු නැත. ඔහු සත්යය පවසයි. තවද ඔහු තීන්දු පිරිනමන්නන්ගෙන් වඩා ශ්රේෂ්ඨය.
තෆ්සීර්
අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “සැබැවින්ම මම ආශාවන් මත නොව මාගේ පරාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටිමි. මෙම සාධක ඔබ බොරු කළෙහිය. ඔබ ඉල්ලා සිටින පරිදි සුපිරි සංඥාවක් හෝ ඔබ ඉක්මණින් පතන පරිදි දඬුවමක් හෝ මා ළඟ නැත. සැබැවින්ම එය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔබ පතන සියලු දෑ හි තීන්දුව පිහටනුයේ ඔහු මත පමණි. ඔහු සත්ය පවසයි. ඒ අනුව තීන්දු පිරිනමයි. සුවිශුද්ධ ඔහු පැහැදිලි කරන්නන් අතුරින් ශ්රේෂ්ඨය. අසත්යයෙන් සත්යය වෙන් කර පැහැදිලි කරන්නාය.”
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න