සූරා 6 · ජුස් 7
Al-An'am · 6:5
فَقَدْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
ඒ අනුව සත්යය ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. ඔවුහු කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටියේ ද ඒ පිළිබඳ පුවත් ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
තෆ්සීර්
ඔවුන් එම පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ප්රතික්ෂේප කළේ නම් ඊට වඩාත් පැහැදිලි ව ඇති දෑ ද ප්රතික්ෂේප කරනු ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කුර්ආනයේ කවර කරුණක් ගෙන ආවේද එය ඔවුහු බොරු කළහ. ඔවුන් අපහාස කරමින් සිටි දෑ සත්යය බව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දඬුවම දකින විට දැන ගනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න