සූරා 6 · ජුස් 7

Al-An'am · 6:4

وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ

තම පරමාධිපතිගේ වදන් තුළින් කවර වදනක් ඔවුන් වෙත පැමිණිය ද එය ඔවුහු පිටුපාමින් සිටියා මිස නැත.

තෆ්සීර්

ආදේශ කරන්නන් වෙත ඔවුන්ගේ පරමාධිපති වෙතින් යම් සාධකයක් පැමිණි විට ඔවුහු එය නොසලකා හැර අහහැර දැමූහ. අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔවුන් වෙත පැමිණියේය. ඔහුගේ දූතයාණන් තහවුරු කරමින් ද පැහැදිලි සංඥා පැමිණියේය. එසේ තිබියදීත් ඔවුහු එය නොසලකා හැර පිටුපෑහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න