සූරා 6 · ජුස් 7
Al-An'am · 6:46
قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللَّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُمْ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِهِ ۗ انْظُرْ كَيْفَ نُصَرِّفُ الْآيَاتِ ثُمَّ هُمْ يَصْدِفُونَ
අල්ලාහ් නුඹලාගේ සවන් හා නුඹලාගේ බැල්ම අත්පත් කර ගෙන නුඹලාගේ හදවත් මත මුද්රා තැබුවේ නම් එය නුඹලාට (නැවත) ගෙන එන්නට අල්ලාහ් නොවන වෙනත් දෙවිඳෙකු සිටින්නේ දැ යි නුඹලා දැනුම් දෙන්නැයි (නබිවරය!) නුඹ අසනු. එම සාධක අපි කෙසේ විස්තර කරන්නේ දැ යි අවධානයෙන් බලනු. පසුව ද ඔවුන් පිටුපාන්නන් වෙති.
තෆ්සීර්
අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “ඔබේ සවන් ආවරණය කරමින් අල්ලාහ් ඔබව බිහිරන් බවට පත් කොට, ඔබේ බැල්ම පැහැර ගනිමින් අන්ධයන් බවට පත් කොට, කිසිවක් ඔබට වටහා ගත නොහැකි පරිදි ඔබේ හදවත් මත මුද්රා තැබුවේ නම්, එමගින් ඔබට අහිමි වූ දෑ නැවත ඔබ වෙත ගෙන එන්නට සැබෑ නැමදුම් ලබන කිසිවකු වෙත්දැයි මා වෙත දන්වා සිටිනු.” අහෝ! දූතය, අපි ඔවුනට සාක්ෂි හා විවිධ සාධක පැහැදිලි කරනුයේ කෙසේදැයිද, පසුව ඔවුන් එය ප්රතික්ෂේප කරනුයේ කෙසේ දැයි ද මදක් සිතා බලන්න.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න