සූරා 6 · ජුස් 7

Al-An'am · 6:44

فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّىٰ إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ

කවර දෙයක් පිළිබඳ ඔවුනට මෙනෙහි කරනු ලැබුවේ ද එය ඔවුහු අමතක කළ කල්හි (ප්‍රථමයෙන්) අපි සියලු දෑ හි දොරටු ඔවුන් වෙත විවෘත කළෙමු. අවසානයේ ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ සතුටු වෙමින් සිටිය දී අපි ඔවුන් ව අනපේක්ෂිත ව හසු කළෙමු. එවිට ඔවුහු (සියලු කටයුතු වලදී) අසාර්ථක වූවන් බවට පත් වූහ.

තෆ්සීර්

දැඩි සාගින්න, රෝගීභාවය වැනි කරුණු ඉදිරිපත් කරමින් උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුන් අතහැර දමා අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක නොකළ කල්හි ඔවුන් වෙත පෝෂණයේ දොරටු පියවරෙන් පියවර විවෘත කළෙමු. සාගින්නෙන් පසු ඔවුන් පොහොසතුන් බවට පත් කළෙමු. රෝගී තත්ත්වයෙන් පසු ඔවුන්ගේ ශරීරයට සුවය දුනිමු. ඔවුනට ඉහවහා ගිය පහසුකම් ඇති වන තෙක් එසේ සිදු කළෙමු. ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ වෙනුවට පුදුම සහගත දෙයක් ඔවුන් ග්රහණය කළේය. අනපේක්ෂිත අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණියේය. එවිට ඔවුන් තමන් සිතමින් සිටි දෑ ගැන නිරායාසයට පත් ව කුතුහලයෙන් පෙළෙනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න