සූරා 6 · ජුස් 7
Al-An'am · 6:19
قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً ۖ قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ ۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ ۚ قُلْ لَا أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ
(නබිවරය) සාක්ෂියේ වඩාත් ප්රබල වනුයේ කුමක් දැ යි නුඹ අසනු. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු අල්ලාහ් වීම යැයි පවසනු. තවද මෙම කුර්ආනය මට වහී (දේව පණිවිඩ) වශයෙන් දෙනු ලැබීය. (එය) මෙමගින් නුඹලාට හා මෙය ලබන අයට මම අවවාද කරනු පිණිසය. අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු සිටිනු ඇතැයි සැබැවින්ම නුඹලා සාක්ෂි දරන්නෙහුද? (නැත. එලෙස) මට සාක්ෂි දැරිය නොහැකැයි නුඹ පවසනු. එකම දෙවියා ඔහු ම යැයි ද සැබැවින්ම මම නුඹලා ආදේශ තබන දැයින් නිදොස් යැයි ද නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! ඔබ ව බොරු කරන, දෙවියන්ට ආදේශ කරන ජනයාගෙන් “මාගේ සත්යතාවට සාක්ෂියෙන් වඩාත් මහඟු හා වඩාත් කීර්තිමත් වන්නේ කවර කරුණක්දැයි විමසනු. මාගේ සත්යතාවට සාක්ෂියෙන් වඩාත් මහඟු හා වඩාත් කීර්තිමත් වන්නේ අල්ලාහ්ගේ සාක්ෂිය” යැයි පවසනු. ඔහු මා අතර හා ඔබ අතර සාක්ෂිකරුය. මා කවර දෙයක් ඔබ වෙත ගෙන ආවේද, ඔබ කවර දෙයක් හෙළා දකින්නේද එය ඔහු දනී. ඔබ බිය ගැන්වීම පිණිසත් එමගින් මිනිසුන් හා ජින්නුන් මම බිය ගැන්වීම පිණිසත් අල්ලාහ් මෙම කුර්ආනය මා වෙත දන්වා ඇත්තේය. අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! සැබැවින්ම අල්ලාහ් සමග නැමදුමට සුදුසු තවත් දෑ ඇති බව ඔබ විශ්වාස කරන්නෙහුය. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. ඔබ කවර දෙයක් පිළිගෙන ඇත්තේද එය ව්යාජ බැවින් මම ඒ සඳහා සාක්ෂි නොදරමි. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැත. ඔබ කවර දෙයක් ඔහුට ආදේශ කරන්නේද සැබැවින්ම මම එයින් නිදොස් වෙමි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න