සූරා 6 · ජුස් 7

Al-An'am · 6:18

وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ

තම ගැත්තන්ට ඉහළින් සිට මැඩලන්නේ ඔහුය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය.

තෆ්සීර්

ඔහු තම පහත් ගැත්තන් අබිබවා යන්නාය. කිසිවක් ඔහු පරාජය කළ නොහැකි පරිදි ඔවුනට ඉහළින් සිටින්නාය. කිසිවකු ඔහු අබිබවා යා නොහැක. සියලු දෙනා ඔහුට යටහත් වූවෝ වෙති. ඔහු ඔහුට ගැළපෙන පරිදි ඔහුගේ ගැත්තන්ට ඉහළින් සිටියි. මැවීමේ සැලසුම් කිරීමේ හා ආගම නීතිගත කිරීමේ ඔහු මහා ප්රඥාවන්තය. සියලු තොරතුරු දන්නාය. එහෙයින් ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න