සූරා 6 · ජුස් 8

Al-An'am · 6:165

وَهُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ الْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۗ إِنَّ رَبَّكَ سَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَحِيمٌ

මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා ව පත් කළේ ඔහුමය. තවද ඔහු නුඹලාට දුන් දෑ හි නුඹලා ව පරීක්ෂාවට ලක් කරනු පිණිස නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා තරාතිරම් වලින් උසස් කළේය. තවද සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.

තෆ්සීර්

"මහපොළොව පාලනය කිරීම සඳහා ඔබට පෙර එහි විසූවන් නියෝජනය කරන්නන් ලෙස අල්ලාහ් ඔබව පත් කළේය. මැවීමෙහි හා පෝෂණ සම්පත්හි මෙන්ම වෙනත් දෑහි ඔබ අතුරින් ඇතැමෙක් ඇතැමුකුට වඩා තරාතිරමෙන් ඔහු උසස් කළේය. එය ඔබට පිරිනැමූ මෙවන් දෑ තුළින් ඔබව ඔහු පරීක්ෂණයට භාජනය කරනු පිණිසය. අහෝ දූතය සැබැවින්ම ඔබේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. එමෙන්ම ඔහුගේ ගැත්තන් අතුරින් කවරෙකු පව් සමාව අයැද සිටින්නේද සැබැවින්ම ඔහු කෙරෙහි ඔහු අතික්ෂමාශීලීය. මහා කාරුණිකය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න