සූරා 6 · ජුස් 8
Al-An'am · 6:164
قُلْ أَغَيْرَ اللَّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ ۚ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ ثُمَّ إِلَىٰ رَبِّكُمْ مَرْجِعُكُمْ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ
සියලු දෑ හි පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී ඔහු හැර වෙනත් අයකු පරමාධිපතියෙක් ලෙස මම සොයන්නෙම් ද? සෑම ආත්මයක්ම එයට එරෙහි ව මිස වෙනෙකක් උපයන්නේ නැත. තවද උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර ද උසුලන්නේ නැත. පසු ව නුඹලා නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. අනතුරු ව නුඹලා කවර විෂයක් මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ පිළිබඳ නුඹලාට ඔහු දන්වා සිටියි.
තෆ්සීර්
අහෝ දූතය! මෙම ආදේශ තබන්නන් හට මෙසේ පවසනු. "සියලුම දෑහි පරමාධිපති වූ උත්තරීතර පිවිතුරු අල්ලාහ් හැර දමා වෙනත් පාලකයකු මා සොයන්නෙම්ද? ඔහු හැර ඔබ විසින් නමදිනු ලබන දෑහි පරමාධිපති ඔහුය. වෙනත් කෙනෙකුගේ පාපයක් නිරපරාධියෙකු මත පටවනු නොලැබේ. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැවත හැරී යනුයේ ඔබේ පරමාධිපති වෙතමය. එවිට ඔබ මෙලොවෙහි කවර ආගමික කටයුත්තක මතභේද ඇති කර ගත්තේද ඒ ගැන ඔහු ඔබට දන්වා සිටිනු ඇත."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න