සූරා 6 · ජුස් 8
Al-An'am · 6:148
سَيَقُولُ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكْنَا وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِنْ شَيْءٍ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا بَأْسَنَا ۗ قُلْ هَلْ عِنْدَكُمْ مِنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا ۖ إِنْ تَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ أَنْتُمْ إِلَّا تَخْرُصُونَ
අල්ලාහ් අභිමත කර ඇත්නම් අප හා අපගේ මුතුන්මිත්තන් ආදේශ නොකරන්නට තිබුණි. තවද කිසිවක් අප වෙත තහනම් නොකරන්නට තිබුණි යැයි ආදේශ කළවුන් පවසනු ඇත. මෙලෙස ඔවුනට පෙර සිටියවුන් ද අපගේ දඬුවම භුක්ති විඳින තෙක් බොරු කරමින් සිටියහ. නුඹලා වෙත යම් දැනුමක් එය අපහට දන්වා සිටින අයුරින් තිබේද? නුඹලා අනුගමනය කරනුයේ අනුමානය මිස නැත. තවද නුඹලා උපකල්පනය කරන්නන් මිස නැත.
තෆ්සීර්
අල්ලාහ්ට තමන් කරන ආදේශය නිවැරදි යන්නට ඔහුගේ අභිමතය හා ඔහුගේ නියමය පිළිබඳ තර්ක කරමින් "අප හා අපගේ මුතුන් මිත්තන් ආදේශ නොකර සිටීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ ඔහුට ආදේශ නොකරන්නට තිබුණි. එමෙන්ම අප මත අප තහනම් කර ගත් දෑ අපි තහනම් නොකිරීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ තහනම් නොකරන්නට තිබුණි යැයි දේව ආදේශකයින් පවසති. ඔවුන්ගේ අපකීර්තිමත් තර්කය මෙන්ම ඔවුනට පෙර සිටියවුන් ඔවුන්ගේ රසූල්වරුන් බොරු කරමින් මෙසේ පවසා සිටියහ. අපි ඔවුන් බොරු නොකර සිටීමට අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ඔවුන් බොරු නොකරන්නට තිබුණි. නමුත් ඔවුන් වෙත පහළ වූ අපගේ දඬුවම විඳින තෙක් එසේ ඔවුන් බොරු කරමින්ම සිටියහ. අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන ඔවුනට මෙසේ පවසා සිටිනු. ඔබ අල්ලාහ්ට ආදේශ කර සිටීමත් ඔහු තහනම් කළ දෑ අනුමත කිරීමත් අනුමත කළ දෑ තහනම් කිරීමත් ඔබගෙන් අල්ලාහ් පිළිගත් බවට කිසියම් සාධකයක් ඔබ ළඟ තිබේද? එසේ සිදු වූ වගට ඔබෙන් ඔහු එය පිළිගත් බවට කිසිදු සාක්ෂියක් ඔබට නැත. එම විෂයයෙහි ඔබ පිළිපදිනුයේ ඔබේ අනුමානයන් පමණය. සැබැවින්ම අනුමානය කිසිදු සත්යයකට අවශ්ය නොවන්නේය. ඔබ බොරු කරන්නන් මිස නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න