සූරා 6 · ජුස් 8
Al-An'am · 6:146
وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ ۖ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ۚ ذَٰلِكَ جَزَيْنَاهُمْ بِبَغْيِهِمْ ۖ وَإِنَّا لَصَادِقُونَ
නියපොතු සහිත සෑම එකක්ම අපි යුදෙව්වූවනට තහනම් කළෙමු. තවද ගවයින් හා එළුවන්ගෙන් උන්ගේ පිටවල් හා බොකු හා අස්ථි සමඟ මුසු වූ දෑ හැර (අනෙකුත්) මේද ඔවුන් වෙත තහනම් කළෙමු. ඔවුන්ගේ අපරාධ හේතුවෙන් මෙලෙස අපි ඔවුනට ප්රතිවිපාක දුනිමු. තවද සැබැවින්ම අපි සත්යවාදීහු වන්නෙමු.
තෆ්සීර්
ඔටුවන් හා පැස්බරන් වැනි ඇගිලි විසිරී නොගිය දෑ යුදෙව්වන්හට අපි තහනම් කළෙමු. එමෙන්ම ගවයින් හා එළුවන්ගේ පිට මත එල්ලී ඇති හෝ උන්ගේ බඩවැල්වල රැඳී ඇති හෝ පසුපසෙහි හා පැත්තෙහි පිහිටා ඇති අස්ථි සමග මුසුවී ඇති මේදය හැර සෙසු මේදයන් අපි ඔවුනට තහනම් කර ඇත්තෙමු. එසේ ඔවුනට ඒවා තහනම් කරනු ලැබුවේ ඔවුන්ගේ අපරාධකම්වලට ප්රතිවිපාකයක් වශයෙනි. අප දන්වා සිටින සෑම දෙයකම සැබැවින්ම අපි සත්යවාදීහු වෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න