සූරා 6 · ජුස් 8

Al-An'am · 6:143

ثَمَانِيَةَ أَزْوَاجٍ ۖ مِنَ الضَّأْنِ اثْنَيْنِ وَمِنَ الْمَعْزِ اثْنَيْنِ ۗ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الْأُنْثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الْأُنْثَيَيْنِ ۖ نَبِّئُونِي بِعِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ

(ආහාරයට අනුමත සතුන් අතරින්) වර්ග අටක් ඇත. බැටළුවාගෙන් (ගැහැනු පිරිමි යන) දෙදෙනෙක් ද එළුවාගෙන් දෙදෙනෙක් ද වෙති. (මේවායින්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි සතුන් දෙදෙනා ද? නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ද? එසේ නැතහොත් ගැහැනු සතුන්ගේ ගැබ් තුළ ඇති දෑ ද? නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් බුද්ධිමත් ව මට (මේ ගැන) දන්වා සිටින්නැයි නුඹ පවසනු.

තෆ්සීර්

අල්ලාහ් ඔබ වෙනුවෙන් වර්ග අටක් මවා ඇත්තේය. බැටළුවන්ගෙන් ගැහැනු පිරිමි ජෝඩුවක් ද එළුවන්ගෙන් දෙදෙනෙක් ද ඒවා අතුරිනි. අහෝ දූතය! දේවත්වය ප්රතික්ෂේප කරන්නන්හට ඔබ, ඒ ජෝඩු දෙකින් පිරිමි සතුන් දෙදෙනා පිරිමි යන හේතුවෙන් අල්ලාහ් එය තහනම් කර ඇත්තේ දැයි විමසනු? ඔවුහු එසේය යැයි පිළිතුරු දුන්නේ නම්, ගැහැනු සතුන් ඔබ තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ගැහැනු යන හේතුවෙන් සැබැවින්ම ඔහු එය තහනම් කර ඇත්තේදැ?යි විමසනු. ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔබ පිරිමි සතුන් දෙදෙනා තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් එම ගැහැනු සතුන්ගේ ගැබ තුළ සිටින දෑ උන් එසේ ගැබේ දරා ගෙන සිටින හේතුවෙන් ඔහු එය තහනම් කර ඇත්තේ දැයි? විමසනු. එවිට ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔවුනට විටෙක ගැහැනු සතුන් තහනම් කරමින් තවත් විටෙක පිරිමි සතුන් තහනම් කරමින් ගැබ් තුළ ඇති දෑ අතර වෙන් කරනුයේ මන්දැයි ඔබ විමසනු. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම මෙම තහනම් කිරීම අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔබ කරන වාදයේ ඔබ සත්යවාදීන් නම් නිවරැදි දැනුම මත පදනම් වූයේ කුමක් දැයි ඔබ මට දන්වා සිටින්නැයි පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න