සූරා 6 · ජුස් 8
Al-An'am · 6:142
وَمِنَ الْأَنْعَامِ حَمُولَةً وَفَرْشًا ۚ كُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
ගොවිපළ සතුන් අතුරින් ප්රවාහනය කරනු ලබන්නක් වශයෙන් හා ප්රවාහනය කළ නොහැකි වශයෙන් (බිහි කළේ ඔහුය) අල්ලාහ් නුඹලාට පෝෂණය වශයෙන් දුන් දැයින් නුඹලා අනුභව කරනු. ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්රකට සතුරා වෙයි.
තෆ්සීර්
විශාල ව වැඩුණු ඔටුවන් වැනි ඒ මත බඩු පටවාගෙන යෑමට සුදුසු ගොවිපළ සතුන් හා එළුවන් වැනි එසේ බඩු පැටවීමේ කටයුතු සිදු කළ නොහැකි කුඩා ගණයේ සතුන් ඔබ වෙනුවෙන් බිහි කළේ ඔහුය. අහෝ ජනයිනි, අල්ලාහ් ඔබට පෝෂණය කළ ඔබට අනුමත කළ දැයින් ඔබ අනුභව කරන්න. දේව ආදේශකයින් සිදු කරන්නාක් මෙන් ඔහු අනුමත කළ දෑ තහනම් කිරීමේ හා තහනම් කළ දෑ අනුමත කිරීමේ ෂෙයිතාන්ගේ පියවරවල් ඔබ අනුගමනය නොකරනු. අහෝ ජනියිනි! නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට ප්රකට සතුරෙකි. ඔහු එතුළින් ඔබ අල්ලාහ්ට පිටුපෑම අපේක්ෂා කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න