සූරා 6 · ජුස් 7
Al-An'am · 6:14
قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
අල්ලාහ්ගෙන් තොරව (වෙනත් කෙනෙකු) භාරකරු වශයෙන් මම ගන්නෙම්ද? (ඔහු) අහස් හා මිහිතලයේ නිර්මාපකයාය. තවද ඔහු ආහාර සපයයි. (කිසිවෙකු විසින්) ඔහුට ආහාර සපයනු නොලැබේ යැයි නුඹ පවසනු. සැබැවින්ම (අල්ලාහ්ට) අවනත වූවන්ගෙන් මා පළමු වැන්නා වීමට මම අණ කරනු ලැබුවෙමි. තවද නුඹලා කිසිකලෙක ආදේශ තබන්නන් අතුරින් (කෙනෙකු) නොවනු.
තෆ්සීර්
අහෝ දූතය! අල්ලාහ් සමගම පිළිම හා වෙනත් දෑ නමදින, දේවත්වයට ආදේශ කරන්නන්හට ඔබ මෙසේ පවසනු; අල්ලාහ් නොවන කෙනෙකු උදව්කරුවකු වශයෙන් ගෙන, ඔහු ට සමීප වී ඔහුගෙන් මා උදව් ඉල්ලා සිටීම බුද්ධිමත් කටයුත්තක් ද? කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොව මැව්වේ ඔහුය. ඒ දෙක පෙර කිසිවකු මැව්වේ නැත. ඔහු තමන් අභිමත කරන ගැත්තන්හට පෝෂණය ලබා දෙයි. ඔහුගේ ගැත්තන් කිසිවකු ඔහුට ආහාර සපයන්නේ නැත. ඔහු තම ගැත්තන්ගෙන් පොහොසත්ය. සියලු ගැත්තන් ඔහු වෙත යැපෙන්නන් වෙති. අහෝ දූතය! ඔබ පවසනු. සැබැවින්ම මාගේ පරමාධිපති මා ඔහුට අවනත වන, ඔහුට යටත් වන පළමුවැන්නා වීමට අණ කළේය. තවද ඔහු හැර වෙනත් අය ඔහු සමග ආදේශ කරන්නන් අතරට මා පත්වීමෙන් ඔහු වළැක්වීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න