සූරා 6 · ජුස් 7
Al-An'am · 6:12
قُلْ لِمَنْ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلْ لِلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۚ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලා ව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වන ඔවුහු විශ්වාස නොකරති.
තෆ්සීර්
අහෝ! දූතය, අහස්හි පාලනයත්, මහපොළොවේ පාලනයත්, ඒ දෙක අතර ඇති දෑ හි පාලනයත් කවුරුන් සතු වන්නේදැයි ඔබ විමසනු. ඒවායෙහි සර්ව රාජ්යය හිමි වන්නේ අල්ලාහ්ටමයැයි පවසනු. තම ගැත්තන්හට ඔහුගෙන් වූ අතිරේක භාග්යයක් වශයෙන් තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. එහෙයින් ඔවුන් පාප සමාව අයැද නොසිටියද ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින එක්රැස් කරන තෙක් ඔවුනට දඬුවම් දීමට ඔහු ඉක්මන් නොවෙයි. එදින පිළිබඳ කිසිදු සැකයක් නැත. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුහු අලාභවන්තයින් වූහ. ඔවුහු විශ්වාස නොකරති. එහෙයින් ඔවුන් අලාභයෙහි වැටීමෙන් තමන් ආරක්ෂා කර ගත යුතු වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න