සූරා 6 · ජුස් 7
Al-An'am · 6:1
الْحَمْدُ لِلَّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ۖ ثُمَّ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ
සියලු ප්රශංසා අල්ලාහ්ටමය. ඔහු අහස් හා මිහිතලය මැව්වේය. තවද අන්ධකාරයන් හා ආලෝකය ඇති කළේය. පසුව (මෙසේ තිබිය දී) ප්රතික්ෂේපක යින් ඔවුන්ගේ පරමාධිපතිට (වෙනත් දෑ) සමාන කරති.
තෆ්සීර්
නිරපේක්ෂ පරිපූර්ණත්වය පිළිබඳ වර්ණනාව හා ආදරයත් සමඟ උසස් ගුණාංග ගැන ප්රශංසා ව අල්ලාහ් සතුය. ඔහු කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස හා මහපොළොව මැව්වේය. රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව එකින් පසු එකක් ගමන් කරන සේ මැව්වේය. රාත්රිය අන්ධකාරවත් කළේය. රාත්රිය ආලොක්මත් කළේය. මෙසේ තිබියදීත් ප්රතික්ෂේප කළවුන් ඔහු හැර වෙනත් දෑ ඔහුට සම කරති. ඔහුට හවුල්කරුවන් පත් කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න