සූරා 59 · ජුස් 28
Al-Hashr · 59:8
لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنْصُرُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ
ඔවුන්ගේ (උපන්) නිවෙස් වලින් හා ඔවුන්ගේ වස්තුවෙන් පිටුවහල් කරනු ලැබූ දිළිඳු මුහාජිර්වරුන්ට ද කොටසක් හිමිය. ඔවුහු අල්ලාහ්ගෙන් වූ අනුග්රහය හා තෘප්තිය සොයති. තවද ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උදව් කරති. ඔවුහුමය සත්යවාදීහු.
තෆ්සීර්
මෙම වස්තුවෙන් කොටසක් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ -නික්ම ගිය- අය අතර ද බෙදා හරිනු ලැබේ. ඔවුන් වනාහි, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ දරුවන් අතහැර දැමීමට බල කරනු ලැබුවෝය. ඔවුනට අල්ලාහ් මෙලොවෙහි ජීවන සම්පත් හා මතුලොවෙහි තෘප්තිය ද ආශිර්වාද කරනු ඇතැයි අපේක්ෂා කළෝය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවෙමින් අල්ලාහ් වෙනුවෙන් උදව් කළ අතර, ඔහුගේ දූතයාණන්ට ද උදව් කළෝය. මෙම ගුණාංගවලින් විස්තර කරනු ලැබූ මොවූහුමය දේව විශ්වාසයේ සැබෑ ලෙසින්ම ස්ථාවරත්වය ලැබූවන් වන්නෝ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න