සූරා 59 · ජුස් 28
Al-Hashr · 59:7
مَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاءِ مِنْكُمْ ۚ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයාණන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑ වනාහි එය අල්ලාහ්ට ද ඔහුගේ දූතයාණන්ට ද සමීප ඥාතීන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද මගියන්ට ද හිමිය. එය නුඹලා අතුරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නොවනු පිණිසය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට කුමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
තෆ්සීර්
කිසිදු යුද්ධයකින් තොරව අල්ලාහ් තම ධර්ම දූතයාණන් වෙත ආශිර්වාද කළ එම ගම්වාසීන්ගේ සම්පත් අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන අයට එය නියම කරයි. එමෙන්ම එහි අයිතිය දූතයාණන්ට හා සදකා නොහොත් දානමාන ගැනීමෙන් වළක්වනු ලැබූ එතුමාණන්ගේ සමීප ඥාතීන් වූ බනූ හාෂිම්, බනූ මුත්තලිබ්වරුන්ට, එයට ප්රතිකර්මයක් ලෙස ඔවුනට ද හිමිය. තවද ආනථයින්ට, දිළිඳුන්ට හා ජීවන වියදම් අහිමි වූ අතරමං වූවන්ට ද ඇත. එය එම ධනය දිළිඳුන් හැර දමා, පොහොසතුන් අතර පමණක් ගැවසීම සීමා නොකරනු පිණිසය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුවෙන්, දූතයාණන් නුඹලා වෙත කවර දෙයක් පිරිනැමුවේ ද එය ගනු. කවර දෙයක් තහනම් කළේ ද එයින් වැළකී සිටිනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. සැබැවින්ම දඬුවම් දීමෙහි අල්ලාහ් ඉතා බලවත්ය. එහෙයින් ඔහුගේ දඬුවමින් ප්රවේසම් වනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න