සූරා 59 · ජුස් 28
Al-Hashr · 59:21
لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
මෙම කුර්ආනය අපි කන්දක් මතට පහළ කළෙමු නම් අල්ලාහ් ගැන වූ බිය හේතුවෙන් එය දෙදරා යමින් යටහත් වනු නුඹ දකිනු ඇත. එම උපමාවන් අපි ඔවුන් වටහා ගත හැකි වනු පිණිස ඒවා අපි ඔවුනට ඉදිරිපත් කරන්නෙමු.
තෆ්සීර්
අහෝ ධර්ම දූතය! මෙම අල් කුර්ආනය කන්දක් මත පහළ කළේ නම් එහි ඇති දැඩි උපදෙස් හා බලවත් අවවාද නිසාවෙන්, කන්ද බලවත්ව තිබුණ ද අල්ලාහ් කෙරෙහි පවත්නා දැඩි භීතිය හේතුවෙන් කම්පනයට පත්ව යටත් වනු නුඹ දකිනු ඇත. අප මෙම උදාහරණ ජනයාට ගෙන හැර පානුයේ ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා එම පාඨවල අන්තර්ගතව ඇති උපදෙස් හා පාඩම් තුළින් උපදෙස් ලබන පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න