සූරා 58 · ජුස් 28
Al-Mujadila · 58:19
اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ فَأَنْسَاهُمْ ذِكْرَ اللَّهِ ۚ أُولَٰئِكَ حِزْبُ الشَّيْطَانِ ۚ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ
ෂෙයිතාන් ඔවුන් පරදවා ඇත. එහෙයින් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔහු ඔවුන් වැළැක්වීය. ෂෙයිතාන්ගේ පිරිස ඔවුහුමය. දැන ගනු. නියත වශයෙන්ම ෂෙයිතාන්ගේ පිරිස වන ඔවුහුමය පරාද වන්නෝ.
තෆ්සීර්
ෂෙයිතාන් ඔවුන් මත ආධිපත්යය දැරීය. ඔහුගේ කුකුස හේතුවෙන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔවුන්ව වැළැක්වීය. එහෙයින් ඔහු පිළිගන්නා දෑ ඔවුහු නොකළෝය. ඔවුන් සිදු කළේ ඔහුට කෝපය ඇති කරන දෑය. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වෙති. දැනගනු! සැබැවින්ම ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වනාහි මෙලොව හා මතුලොව පරාජිතයෝ වෙති. සැබැවින්ම ඔවුන් මුළාව වෙනුවට යහමගත් නිරය වෙනුවට ස්වර්ගයත් විකුණා දැමීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න