සූරා 57 · ජුස් 27

Al-Hadid · 57:4

هُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنْتُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

ඔහු වනාහි අහස් හා මහපොළොව දින හයක් තුළ මවා අර්ෂ් මත ස්ථාපිත විය. මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ඉහළට යන දෑ ද ඔහු දනී. තවද නුඹලා කොතැනක සිටිය ද ඔහු නුඹලා සමගය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.

තෆ්සීර්

දින හයකින් අහස් හා මහපොළොව මැව්වේ ඔහුය. එය ඉරු දින ආරම්භ වී සිකුරාදා දින අවසන් විය. ඇසි පිළි ගැසීමටත් වඩා අඩු කාලයකින් ඒ දෙක මවන්නට ඔහු බලය ඇත්තා විය. පසු ව ඉහළට ආරෝහණය වී ඔහුට ගැළපෙන පරිදි අර්ෂ් මත ඉහළින් ස්ථාපිත විය. මහපොළොවට ඇද හැළෙන වර්ෂාව, එහි සිටුවනු ලබන බීජ හා ඒ තුළට බසින දෑ එයින් හට ගන්නා භෝග, ඛණිජ හා වෙනත් දෑ අහසින් පහළ වන වර්ෂාව, දේව පණිවිඩ හා වෙනත් දෑ ඒ තුළට ආරෝහණය වන මලක්වරුන්, ගැත්තන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ප්රාණ යනාදී සියලු දෑ ගැන ඔහු දනී. අහෝ ජනයිනි! නුඹලා කොතැනක සිටියත් ඔහුගේ දැනුමෙන් ඔහු නුඹලා සමගම සිටී. නුඹලා අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න