Al-Waqi'ah

سورة الواقعة

සූරා 56 · මක්කා · 96 පද

56:1ජුස් 27 · පි. 534

إِذَا وَقَعَتِ الْوَاقِعَةُ1

සිදු වන දෑ සිදු වූ විට
56:2ජුස් 27 · පි. 534

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ2

එම සිදුවීම බොරුවක් නොවෙයි.
56:3ජුස් 27 · පි. 534

خَافِضَةٌ رَافِعَةٌ3

(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
56:4ජුස් 27 · පි. 534

إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا4

මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට
56:5ජුස් 27 · පි. 534

وَبُسَّتِ الْجِبَالُ بَسًّا5

තවද කඳු සුනු විසුනු කිරීමෙන් සුනු විසුනු කරනු ලැබූ විට
56:6ජුස් 27 · පි. 534

فَكَانَتْ هَبَاءً مُنْبَثًّا6

එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
56:7ජුස් 27 · පි. 534

وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً7

එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.
56:8ජුස් 27 · පි. 534

فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ8

එනම් දකුණු පසට වූ ජනයා. එම දකුණු පසට වූ ජනයා යනු කවරෙක් ද?
56:9ජුස් 27 · පි. 534

وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ9

තවද වම් පසට වූ ජනයා. එම වම් පසට වූ ජනයා යනු කවරෙක් ද?
56:10ජුස් 27 · පි. 534

وَالسَّابِقُونَ السَّابِقُونَ10

පෙරටුගාමීහු පෙරටු ගාමීහුය.
56:11ජුස් 27 · පි. 534

أُولَٰئِكَ الْمُقَرَّبُونَ11

ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.
56:12ජුස් 27 · පි. 534

فِي جَنَّاتِ النَّعِيمِ12

(ඔවුන්) සැපවත් උයන්හිය.
56:13ජුස් 27 · පි. 534

ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ13

මුල් අයගෙන් වූ පිරිසකි.
56:14ජුස් 27 · පි. 534

وَقَلِيلٌ مِنَ الْآخِرِينَ14

තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
56:15ජුස් 27 · පි. 534

عَلَىٰ سُرُرٍ مَوْضُونَةٍ15

(ඔවුන්) අලංකාර කරන ලද කවිච්චි මතය.
56:16ජුස් 27 · පි. 534

مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ16

ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
56:17ජුස් 27 · පි. 535

يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ17

ළමා විය සදාතනික වූ ළමුන් ඔවුන් වටා යති.
56:18ජුස් 27 · පි. 535

بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِنْ مَعِينٍ18

දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
56:19ජුස් 27 · පි. 535

لَا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنْزِفُونَ19

එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.
56:20ජුස් 27 · පි. 535

وَفَاكِهَةٍ مِمَّا يَتَخَيَّرُونَ20

ඔවුන් තෝරා ගන්නා පරිදි පලතුරු සමග
56:21ජුස් 27 · පි. 535

وَلَحْمِ طَيْرٍ مِمَّا يَشْتَهُونَ21

ඔවුන් ආශා කරන පරිදි කුරුලු මාංශ සමග
56:22ජුස් 27 · පි. 535

وَحُورٌ عِينٌ22

තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.
56:23ජුස් 27 · පි. 535

كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ23

(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය
56:24ජුස් 27 · පි. 535

جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ24

ඔවුන් (මොලොවෙහි) සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
56:25ජුස් 27 · පි. 535

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا25

ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.
56:26ජුස් 27 · පි. 535

إِلَّا قِيلًا سَلَامًا سَلَامًا26

ශාන්තියයි ශාන්තියයි යනුවෙන් පවසනු ලැබීම මිස. (වෙන කිසිවකට සවන් නොදෙති.)
56:27ජුස් 27 · පි. 535

وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ27

දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
56:28ජුස් 27 · පි. 535

فِي سِدْرٍ مَخْضُودٍ28

(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.
56:29ජුස් 27 · පි. 535

وَطَلْحٍ مَنْضُودٍ29

තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.
56:30ජුස් 27 · පි. 535

وَظِلٍّ مَمْدُودٍ30

දිගු කරනු ලැබූ සෙවණැලි අතරය
56:31ජුස් 27 · පි. 535

وَمَاءٍ مَسْكُوبٍ31

ගලා යවනු ලබන ජලය අතරය.
56:32ජුස් 27 · පි. 535

وَفَاكِهَةٍ كَثِيرَةٍ32

බොහෝ පලතුරු අතරය.
56:33ජුස් 27 · පි. 535

لَا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ33

කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
56:34ජුස් 27 · පි. 535

وَفُرُشٍ مَرْفُوعَةٍ34

උස් ව තබන ලද ඇතිරිලි අතරය.
56:35ජුස් 27 · පි. 535

إِنَّا أَنْشَأْنَاهُنَّ إِنْشَاءً35

නියත වශයෙන්ම අපි ඔවුන් (අලංකාර) නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
56:36ජුස් 27 · පි. 535

فَجَعَلْنَاهُنَّ أَبْكَارًا36

එවිට අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.
56:37ජුස් 27 · පි. 535

عُرُبًا أَتْرَابًا37

පෙම්බර සම වයසැති
56:38ජුස් 27 · පි. 535

لِأَصْحَابِ الْيَمِينِ38

දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
56:39ජුස් 27 · පි. 535

ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ39

(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි
56:40ජුස් 27 · පි. 535

وَثُلَّةٌ مِنَ الْآخِرِينَ40

තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
56:41ජුස් 27 · පි. 535

وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ41

තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
56:42ජුස් 27 · පි. 535

فِي سَمُومٍ وَحَمِيمٍ42

(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.
56:43ජුස් 27 · පි. 535

وَظِلٍّ مِنْ يَحْمُومٍ43

කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.
56:44ජුස් 27 · පි. 535

لَا بَارِدٍ وَلَا كَرِيمٍ44

තවද (එහි) කිසිදු සිසිලක් හෝ අලංකාර දර්ශනයක් හෝ නැත.
56:45ජුස් 27 · පි. 535

إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ45

නියත වශයෙන්ම ඔවුහු එයට පෙර (මෙලොවෙහි) සැප විඳින්නන් ලෙස සිටියහ.
56:46ජුස් 27 · පි. 535

وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنْثِ الْعَظِيمِ46

තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටින්නන් වූහ.
56:47ජුස් 27 · පි. 535

وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ47

තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් සිටියහ.
56:48ජුස් 27 · පි. 535

أَوَآبَاؤُنَا الْأَوَّلُونَ48

“අපගේ මූලාරම්භක මුතුන් මිත්තන් ද?”
56:49ජුස් 27 · පි. 535

قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ49

“නියත වශයෙන්ම මූලාරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය) නුඹ පවසනු.
56:50ජුස් 27 · පි. 535

لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَعْلُومٍ50

නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති” යැයි
56:51ජුස් 27 · පි. 536

ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ51

අහෝ බොරුකාර නොමග ගියවුනි!
56:52ජුස් 27 · පි. 536

لَآكِلُونَ مِنْ شَجَرٍ مِنْ زَقُّومٍ52

අනතුරු ව නියත වශයෙන්ම නුඹලා zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
56:53ජුස් 27 · පි. 536

فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ53

එවිට එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
56:54ජුස් 27 · පි. 536

فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ54

ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
56:55ජුස් 27 · පි. 536

فَشَارِبُونَ شُرْبَ الْهِيمِ55

පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
56:56ජුස් 27 · පි. 536

هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ56

මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
56:57ජුස් 27 · පි. 536

نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ57

අපය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා සත්‍යය කළ යුතු නොවේ ද?
56:58ජුස් 27 · පි. 536

أَفَرَأَيْتُمْ مَا تُمْنُونَ58

නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
56:59ජුස් 27 · පි. 536

أَأَنْتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ59

එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නේ අප ද?
56:60ජුස් 27 · පි. 536

نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ60

නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපි අසරණයින් නොවෙමු.
56:61ජුස් 27 · පි. 536

عَلَىٰ أَنْ نُبَدِّلَ أَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ61

නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත්
56:62ජුස් 27 · පි. 536

وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ62

තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
56:63ජුස් 27 · පි. 536

أَفَرَأَيْتُمْ مَا تَحْرُثُونَ63

නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
56:64ජුස් 27 · පි. 536

أَأَنْتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ64

එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අප ද?
56:65ජුස් 27 · පි. 536

لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَ65

අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.
56:66ජුස් 27 · පි. 536

إِنَّا لَمُغْرَمُونَ66

“නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”
56:67ජුස් 27 · පි. 536

بَلْ نَحْنُ مَحْرُومُونَ67

“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” (යැයි පවසති)
56:68ජුස් 27 · පි. 536

أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ68

නුඹලා පානය කරන ජලය දෙස නුඹලා නිරීක්ෂා කොට බැලුවෙහු ද?
56:69ජුස් 27 · පි. 536

أَأَنْتُمْ أَنْزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنْزِلُونَ69

එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපද?
56:70ජුස් 27 · පි. 536

لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ70

අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?
56:71ජුස් 27 · පි. 536

أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ71

නුඹලා දල්වන ගින්න විමසිල්ලෙන් බැලුවෙහු ද?
56:72ජුස් 27 · පි. 536

أَأَنْتُمْ أَنْشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنْشِئُونَ72

එහි ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අප ද?
56:73ජුස් 27 · පි. 536

نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِلْمُقْوِينَ73

අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගී(අවශ්‍යතා ඇත්ත)න්ට භාණ්ඩයක් ලෙසින් අපි එය පත් කළෙමු.
56:74ජුස් 27 · පි. 536

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ74

එහෙයින් නුඹගේ අති මහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.
56:75ජුස් 27 · පි. 536

۞ فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ75

එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.
56:76ජුස් 27 · පි. 536

وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ76

තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.
56:77ජුස් 27 · පි. 537

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ77

නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.
56:78ජුස් 27 · පි. 537

فِي كِتَابٍ مَكْنُونٍ78

ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහිය.
56:79 · None touch it except the purifiedජුස් 27 · පි. 537

لَا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ79

එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.
56:80ජුස් 27 · පි. 537

تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ80

ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
56:81ජුස් 27 · පි. 537

أَفَبِهَٰذَا الْحَدِيثِ أَنْتُمْ مُدْهِنُونَ81

නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ එහෙයින් ද?
56:82ජුස් 27 · පි. 537

وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ82

තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?
56:83ජුස් 27 · පි. 537

فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ83

(කෙනෙකුගේ ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට
56:84ජුස් 27 · පි. 537

وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ84

නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.
56:85ජුස් 27 · පි. 537

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَٰكِنْ لَا تُبْصِرُونَ85

තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් වෙමු. නමුත් නුඹලා නොදකිනු ඇත.
56:86ජුස් 27 · පි. 537

فَلَوْلَا إِنْ كُنْتُمْ غَيْرَ مَدِينِينَ86

එහෙයින් නුඹලා වගකිව යුත්තන් නොවන්නෙහු නම්
56:87ජුස් 27 · පි. 537

تَرْجِعُونَهَا إِنْ كُنْتُمْ صَادِقِينَ87

(නුඹලා සිතන පරිදි) නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය නැවත ගෙන එනු.
56:88ජුස් 27 · පි. 537

فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ88

එහෙයින් ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතුරින් වූයේ නම්
56:89ජුස් 27 · පි. 537

فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ89

සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද වෙති.
56:90ජුස් 27 · පි. 537

وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ90

ඔහු දකුණු පස ජනයා අතුරින් වූ කෙනෙකු වූයේ නම්
56:91ජුස් 27 · පි. 537

فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ91

එසේ නම් දකුණු පස ජනයා අතුරින් වූ ඔබට ශාන්තියයි.
56:92ජුස් 27 · පි. 537

وَأَمَّا إِنْ كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ92

ඔහු නොමග ගිය බොරු කරන්නන් අතුරින් වූයේ නම්
56:93ජුස් 27 · පි. 537

فَنُزُلٌ مِنْ حَمِيمٍ93

එවිට ලෝ දියෙන් වූ නවාතැනකි.
56:94ජුස් 27 · පි. 537

وَتَصْلِيَةُ جَحِيمٍ94

තවද නිරා ගින්නෙහි දැවීමකි.
56:95ජුස් 27 · පි. 537

إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ95

ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.
56:96ජුස් 27 · පි. 537

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ96

එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න