සූරා 51 · ජුස් 27
Adh-Dhariyat · 51:39
فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ
එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් (විශ්වාස කිරීමට) පිටුපෑවේය. තවද (මූසා) “හූනියම් කරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසීය.
තෆ්සීර්
ෆිර්අවුන් සහ ඔහුගේ සේනාව තම බලයෙන් ආක්රමණශීලීව සත්යයට පිටු පෑහ. ඔහූ මූසා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳව ‘ඔහු මිනිසුනට මායාවන් පෙන්වන මායාකරුවකි. එසේ නැතහොත් කිසිදු වැටහීමකින් තොරව දොඩවන උම්මත්තකයෙකි’ යැයි පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න