وَالذَّارِيَاتِ ذَرْوًا1
දූවිලි විසුරුවමින් දූවිලි නංවන සුළං මත දිවුරමින්.
فَالْحَامِلَاتِ وِقْرًا2
(වැසි) බර උසුලන වළාකුළු මත දිවුරමින්.
فَالْجَارِيَاتِ يُسْرًا3
පහසුවෙන් යාත්රා කරන නැව් මත දිවුරමින්.
فَالْمُقَسِّمَاتِ أَمْرًا4
(වැසි) කටයුතු බෙදා හරින මලාඉකාවරුන් මත දිවුරමින්.
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ5
නියත වශයෙන්ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ සත්යයක්මය.
وَإِنَّ الدِّينَ لَوَاقِعٌ6
තවද නියත වශයෙන්ම විනිශ්චය සිදුවන්නක්මය.
وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ7
විවිධ මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්.
إِنَّكُمْ لَفِي قَوْلٍ مُخْتَلِفٍ8
නියත වශයෙන්ම නුඹලා විවිධ ප්රකාශ අතරය.
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ9
(සත්යය දැයින්) හරවනු ලැබූවන් ඔහුගෙන් හරවනු ලබයි.
قُتِلَ الْخَرَّاصُونَ10
බොරුකාරයින් ශාප කරනු ලැබීය.
الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ11
ඔවුන් වනාහි අවුල්ජාලයෙහි ගිලිහී නොසැලකිලිමත් වූවෝ වෙති.
يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ12
විනිශ්චය දිනය කවදා දැයි ඔවුහු විමසති.
يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ13
(එය නිරා) ගින්න මත ඔවුහු දඬුවම් කරනු ලබන දිනයයි.
ذُوقُوا فِتْنَتَكُمْ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَسْتَعْجِلُونَ14
කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු.
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ15
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා උල්පත් වලය.
آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ16
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන්ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝය.
كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ17
ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ.
وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ18
තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චරණය කරමින්) සමාව අයැදිති.
وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ19
තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් (දන්දීම) උරුමයක් විය.
وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ20
තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත.
وَفِي أَنْفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ21
තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නොබලන්නෙහු ද?
وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ22
තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ තිබේ.
فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ23
අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන්ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින්ම එය සත්යයක්මය.
هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ24
ඉබ්රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද?
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ25
ඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසූහ. ඔහු ද සලාම්(සාමයයි) පැවසීය. නාඳුනන පිරිසකි (යැයි සිතුවේය.)
فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ26
එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේය.
فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ27
ඔහු එය ඔවුන් වෙත සමීප කරවීය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නොකරන්නෙහු දැ”යි ඔහු විමසීය.
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ28
ඔවුන් ගැන බියක් ඔහු තුළ දැනුනි. (එවිට) “නුඹ බිය නොවනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳ ව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.
فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ29
එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවාය.
قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ30
“නුඹලාගේ පරමාධිපති පැවසුවේ එලෙසය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී මහා ප්රඥාවන්තයාය.” යැයි ඔවුහු පැවසූහ.
۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ31
අහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ?යි ඔහු (ඉබ්රාහීම්) විමසීය.
قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ32
“සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන්ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ.
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ33
“මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”
مُسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِينَ34
“සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”
فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ35
එවිට එහි සිටියවුන් අතරින් දෙවියන් විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු.
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِنَ الْمُسْلِمِينَ36
එහෙයින් අවනතවන්නන් අතුරින් එක් නිවසක් හැර එහි (වෙනත් කිසිදු නිවසක්) නොදුටුවෙමු.
وَتَرَكْنَا فِيهَا آيَةً لِلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ37
තවද වේදනීය දඬුවමට බියවන්නන් හට අපි එහි සංඥාවක් (අත හැර දමා) ඉතිරි කළෙමු.
وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُبِينٍ38
තවද මූසා තුළ ද අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමග එවූ අවස්ථාවේ (සංඥාවක්) විය.
فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ39
එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් (විශ්වාස කිරීමට) පිටුපෑවේය. තවද (මූසා) “හූනියම් කරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසීය.
فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ40
එවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු.
وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ41
තවද ආද් ජනයා තුළ ද ඔවුන් වෙත අපි වනසන සුළඟක් එවූ අවස්ථාවේ ද (සංඥාවක්) විය.
مَا تَذَرُ مِنْ شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ42
ඒ වෙත පැමිණි කිසිවෙක් හෝ එය දිරාපත් නටබුන් මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.
وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ43
තවද සමූද් ජනයා තුළ ද “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ ද (සංඥාවක්) විය.
فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنْظُرُونَ44
නමුත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූහ. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්රහණය කළේය.
فَمَا اسْتَطَاعُوا مِنْ قِيَامٍ وَمَا كَانُوا مُنْتَصِرِينَ45
එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ටම උදව් කරගන්නන් නොවූහ.
وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ46
තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්රහණය කළෙමු.) නියත වශයෙන්ම ඔවුහු නොහොබිනා පිරිසක් වූහ.
وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ47
තවද අහස අපි එය ශක්තිමත් ව ඉදි කළෙමු. තවද නියත වශයෙන්ම අපි ව්යාප්ත කළවුන් වෙමු.
وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ48
තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.
وَمِنْ كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ49
නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක්ම යුගල වශයෙන්ම අපි මැව්වෙමු.
فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ50
එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා පැමිණි ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.
وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ51
තවද නුඹලා අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු පත් නොකරනු. නියත වශයෙන්ම මම ඔහුගෙන් නුඹලා සඳහා පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ52
එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් දහම් දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නොවීය.
أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ53
ඔවුන් එකිනෙකා මේ ගැන උපදෙස් දෙන්නෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි.
فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ54
එහෙයින් නුඹ ඔවුන්ගෙන් හැරී යනු. හේතුව නුඹ දොස් නගනු ලබන්නෙකු නොවනු ඇත.
وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنْفَعُ الْمُؤْمِنِينَ55
තවද නුඹ මෙනෙහි කරනු. හේතුව නියත වශයෙන්ම මෙනෙහි කිරීම දේව විශ්වාසවන්තයින්ට ප්රයෝජනවත් වනු ඇත.
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56
තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නොමැව්වෙමි.
مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونِ57
ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නොකරමි. එමෙන්ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.
إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ58
නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයාය.
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ59
එහෙයින් නියත වශයෙන්ම අපරාධ කළවුන් වනාහි ඔවුන්ගේ සගයින්ගේ පාපයන් මෙන් පාපයන් ඔවුනට ඇත. එහෙයින් ඔවුහු (දඬුවම) ඉක්මන් කරන්නැයි මගෙන් නොපැතිය යුතුය.
فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ60
ප්රතික්ෂේප කළවුනට, ඔවුනට ප්රතිඥා දෙනු ලැබුනු ඔවුන්ගේ දිනයේ විනාශය ඇත.