සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:8

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَلَا تَمْلِكُونَ لِي مِنَ اللَّهِ شَيْئًا ۖ هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ ۖ كَفَىٰ بِهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۖ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ

එසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මම එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නොදරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. මා අතර හා නුඹ අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත්ය. තවද ඔහු අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය” යැයි නුඹ පවසනු.

තෆ්සීර්

මෙම දේව ආදේශකයෝ, "සැබැවින්ම මුහම්මද් මෙම කුර්ආනය ගොතා එය අල්ලාහ් වෙත ආරෝපණය කර ඇතැ යි පවසන්නෝ ද?" අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘මා විසින් එය ගොතා ඇත්නම් මට, දඬුවම් දීමට අල්ලාහ් අභිමත කළේ නම්, මා වෙනුවෙන් යම් සැලැසමක් දියත් කිරීමට නුඹලාට නොහැකිය. එසේනම් ඔහු මත බොරුවක් ගොතා එම දඬුවමට මා ඉදිරිපත් විය හැක්කේ කෙසේ ද? අල් කුර්අනයට දොස් නගමින් හා මා සම්බන්ධයෙන් චෝදනා නගමින් නුඹලා කවර කරුණක නිරත ව සිටින්නේ ද ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් ශුද්ධවන්තයාණන් ප්රමාණවත්ය. ඔහු ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු සමාව අයැද ඔහු වෙත යොමු වන්නේ ද ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.'

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න