සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:7
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ هَٰذَا سِحْرٌ مُبِينٌ
ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට ඔවුන් වෙත සත්යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි ප්රතික්ෂේප කළවුන් පැවසූහ.
තෆ්සීර්
අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුන් වෙත පාරායනය කරනු ලැබූ විට, අල් කුර්ආනය ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතයා අතින් ඔවුන් වෙත එය පැමිණි කල්හි, ‘මෙය පැහැදිලි හූනියමකි. මෙය අල්ලාහ්ගේ දිව්යමය වාක්ය නොවන්නේය’ යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න