සූරා 45 · ජුස් 25

Al-Jathiyah · 45:8

يَسْمَعُ آيَاتِ اللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَنْ لَمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ

ඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට ඔහු සවන් දෙයි. පසු ව ඔහු එයට සවන් නොදුන්නාක් මෙන් උඩඟුවෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳ ව (නබිතුමනි!) ඔබ ඔහුට ශුභාරංචි දෙනු.

තෆ්සීර්

මෙම දේව ප්රතික්ෂේපකයා, ඔහු වෙත කියවනු ලබන අල්කුර්ආනයේ අල්ලාහ්ගේ වදන්වලට සවන් දෙයි. පසුව ඔහු කවර ප්රතික්ෂේපයක හා පාපකම්වල නිරතව සිටියේ ද එහිම නිරන්තරයෙන්ම සිටියි. සත්යය අනුගගමනය කිරීමෙන් ඔහු තුළ අහංකාරයක් ඇති කර ගනී. ඔහු වෙත කියවා පෙන්වන ලද එම වදන් ඔහුට නොඇසුනාක් මෙන් ඔහු පසුවෙයි. එහෙයින් අහෝ දූතය! ඔහුගේ අවසානයේ ඔහුට අත්වන නපුර පිළිබඳ දන්වා සිටිනු. එය ඔහුව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න