සූරා 45 · ජුස් 25

Al-Jathiyah · 45:5

وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ رِزْقٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِقَوْمٍ يَعْقِلُونَ

රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමගින් එය නැවත ප්‍රාණවත් කිරීමෙහි ද සුළං හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත.

තෆ්සීර්

රාත්රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහි ද අල්ලාහ් අහසින් වැසි වස්වා මහපොළොව කිසිදු පැලෑටියක් නැති මිය ගිය තත්ත්වයෙන් තිබුණායින් පසු, එමගින් යළි ජීවමාන කිරීමෙහි ද නුඹලාගේ ප්රයෝජන සඳහා විටෙක එක් පැත්තකින් ද, තවත් විටෙක තවත් පැත්තකින් ද සුළඟ හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත. ඔවුහු එමගින් අල්ලාහ්ගේ ඒකීයත්වය, නැවත නැගිටුවනු ලැබීමේ ඔහුගේ හැකියාව හා සියලු දෑ කෙරෙහි පවතින ඔහුගේ බලය සාධක කර ගනිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න