සූරා 45 · ජුස් 25
Al-Jathiyah · 45:32
وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَالسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُمْ مَا نَدْرِي مَا السَّاعَةُ إِنْ نَظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ
“තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැයි අපි නොදනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නොසිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නොවූයෙමු යැයි නුඹලා පැවසුවෙහුය.
තෆ්සීර්
-සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව යළි නැගිටුවා ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇතැයි- අල්ලාහ් තම ගැත්තන් හට දුන් ප්රතිඥාව සැබෑවකි. එහි කිසිදු සැකයක් නැත. අවසන් හෝරාව ද සැබෑවකි. එහිද කිසිදු සැකයක් නැත. එහෙයින් ඒ සඳහා කටයුතු කරනු’ යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා, ‘එම හෝරාව ගැන අපි නොදනිමු. සැබැවින්ම එය පැමිණීම දුර්වල සිතුවිල්ලක් ලෙස මිස අපි නොසිතුවෙමු. සැබැවින්ම එය පැමිණෙන බව තරයේ විශ්වාස කරන්නන් ලෙස අපි නොසිටියෙමු.' යැයි පවසනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න