සූරා 40 · ජුස් 24

Ghafir · 40:85

فَلَمْ يَكُ يَنْفَعُهُمْ إِيمَانُهُمْ لَمَّا رَأَوْا بَأْسَنَا ۖ سُنَّتَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ فِي عِبَادِهِ ۖ وَخَسِرَ هُنَالِكَ الْكَافِرُونَ

නමුත් ඔවුන් අපගේ දඬුවම දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්‍රයෝජනවත් නොවීය. (එය) තම ගැත්තන් අතරෙහි ඉකුත් ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතය. එහිදී දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෝ පරාජිත වූහ.

තෆ්සීර්

අපගේ දඬුවම ඔවුනට පහළ වීම ඔවුන් දෑසින් දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවීය. දඬුවම දෑසින් දකින කළ ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවන බවට වූ අල්ලාහ්ගේ න්යායය තීන්දු කරනු ලැබූවකි. දේව ප්රතික්ෂේපකයින් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් විනාශය ගෙන දෙන සාධක ගෙන අවුත් දඬුවම දෑසින් දැකීමට පෙර ඒවා ගැන පාප ක්ෂමාව නොඇයද සිටි විටෙක ඔවුනට දඬුවම පහළ වීමෙන් ඔවුහු පරාජයට පත් වූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න