සූරා 40 · ජුස් 24
Ghafir · 40:78
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَصَصْنَا عَلَيْكَ وَمِنْهُمْ مَنْ لَمْ نَقْصُصْ عَلَيْكَ ۗ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ فَإِذَا جَاءَ أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ
ඔබට පෙර දහම් දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතුරින් අපි ඔබ වෙත කතා විස්තර කළ අය වෙති. තවද ඔබ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු දහම් දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී වැරදි කළවුන් පරාජිත වුහ.
තෆ්සීර්
අහෝ දූතය! නුඹට පෙර විසූ සමූහයන් වෙත බොහෝ සෙයින් අපි ධර්ම දූතවරුන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. ඔවුනට හිංසා කළෝය. එවිට ඔවුන්ගේ බොරු කිරීම හා හිංසා කිරීම ඔවුහු ඉවසා දරා ගත්හ. එම ධර්ම දූතවරුන්ගෙන් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹට පවසා ඇත්තෙමු. තවත් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹලාට නොපැවසුවෙමු. ධර්ම දූතයකු තම සමූහයා වෙත ඔහුගේ පරමාධිපතිගෙන් වූ යම් වදනක් ගෙන ආවේ නම් එය සුවිශුද්ධයාණන්ගේ අභිමතය අනුව මිස සිදුවීම නිවැරැදි වන්නේ නැත. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් එවන් වදන් ගෙන එන මෙන් ඔවුන්ගේ ධර්ම දූතවරුන්හට යෝජනා කිරීම අපරාධයකි. ජයග්රහණය හෝ ධර්ම දූතවරුන් හා ඔවුන්ගේ සමූහයන් අතර තීන්දුව පැමිණි විට ඔවුන් අතර ඔහු සාධාරණනීය ලෙස තීන්දු කළේය. ඒ අනුව දේව ප්රතික්ෂේපකයින් විනාශයට ලක් වී දූතවරුන් මුදවා ගනු ලැබීය. දේව ප්රතික්ෂේපය සිදු කොට තම ආත්මාවන් විනාශ මුඛයට ගෙන ආ හේතුවෙන් - ගැත්තන් අතර තීන්දු ලබා දෙන අවස්ථාවේ- ව්යාජ ජනයා තමන්ටම පරාජය අත් පත් කර ගත්හ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න