සූරා 40 · ජුස් 24
Ghafir · 40:77
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ
එහෙයින් ඔබ ඉවසීමෙන් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින්ම අපි ඔබට පෙන්වනුයේ අප ඔවුනට ප්රතිඥා දුන් දෑ හි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි ඔබ මරණයට පත් කරන්නෙමු. එවිට ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
තෆ්සීර්
අහෝ දූතය! නුඹේ ජනයා සිදු කරන හිංසාවන් හා බොරුකීරීම මත නුඹ ඉවසනු. අල්ලාහ් නුඹට ජය ලබා දෙන බවට දුන් ඔහුගේ පොරොන්දුව සැබෑවකි. එහි කිසිදු සැකයක් නැත. බද්ර් යුද දිනයේ සිදු කළාක් මෙන් අපි ඔවුනට දඬුවමක් ලෙස සලකන ඇතැම් දෑ නුඹගේ ජීවිත කාලය තුළම අපි නුඹට පෙන්වුයෙන්නෙමු. එසේ නැතහොත් ඊට පෙර නුඹව මරණයට පත් කරන්නෙමු. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අප වෙත පැමිණෙන්නෝය. එවිට ඔවුන්ගේ ක්රියාවන් සඳහා අපි ඔවුනට ප්රතිඵල පිරිනමමු. පසු ව සදාකල් වෙසෙන්නන් ලෙසින් අපි ඔවුන් නිරයට ප්රවේශ කරමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න