සූරා 40 · ජුස් 24

Ghafir · 40:37

أَسْبَابَ السَّمَاوَاتِ فَأَطَّلِعَ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ كَاذِبًا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوءُ عَمَلِهِ وَصُدَّ عَنِ السَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِي تَبَابٍ

තවද නියත වශයෙන්ම ඔහු බොරුකාරයෙකු ලෙස මම සිතමි” යැයි ෆිර්අවුන් පැවසීය. ෆිර්අවුන්ගේ නපුරු ක්‍රියාවන් ඔහුට අලංකාර කර පෙන්වනු ලැබුවේ එලෙසය. තවද ඍජු මාර්ගයෙන් ඔහු වළක්වනු ලැබීය. ෆිර්අවුන්ගේ කුමන්ත්‍රණය විනාශය තුළ මිස නොවීය.

තෆ්සීර්

එනම් අහස් වෙත ළඟා විය හැකි එහි මාර්ග වෙත සේන්දු වී, සැබවින්ම තමන් නැමදුමට සුදුස්සා යැයි මූසා පවසන නැමදුමට ලක්වන්නා දෙස බලන්නට හැකි වන සේ ඉදි කරනු. සැබවින්ම මූසා තර්ක කරන දෑ හි ඔහු මුසාවාදියෙකු බව මම සිතමි. ෆිර්අවුන් හාමාන්ගෙන් ඉල්ලා සිටි දෑ ඉල්ලන අවස්ථාවේ ඔහුගේ නපුරු ක්රියාව ඔහුට අලංකාරවත් කරන ලද්දේ ද සත්ය මාර්ගයෙන් පෙරළී අසත්ය මාර්ගය වෙත යොමු කරනු ලද්දේ ද මෙසේය. - ෆිර්අවුන් සිටි ව්යාජ භාවය ප්රසිද්ධ කිරීමටත් මූසා ගෙන ආ සත්යය නිෂ්පල කිරීමටත්- ෆිර්අවුන් දියත් කළ ඔහුගේ කුමන්ත්රණය විනාශය තුළ මිස නොවීය. ඊට හේතුව සැබවින් ඔහුගේ බලාපොරොත්තු සුන් වූ සිතුවිලි ඔහුගේ අසාර්ථක වෑයම හා කිසිවිටෙක නැති වී නොයන අභාග්යවන්තකම විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න