සූරා 40 · ජුස් 24

Ghafir · 40:35

الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۖ كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ وَعِنْدَ الَّذِينَ آمَنُوا ۚ كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ

“ඔවුහු වනාහි ඔවුනට පැමිණි කිසිදු බලයක් නොමැතිව ඔවුහු අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් අබියස හා විශ්වාස කළවුන් අබියස වෛරය අතිමහත් විය. අහංකාර බලාධිකාරී සෑම හදවතක් මත ම අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙසය.”

තෆ්සීර්

ඔවුන් වෙත පැමිණි කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ප්රභ කිරීම සඳහා ඒවා සම්බන්ධයෙන් තර්ක කරන්නන් වනාහි, අල්ලාහ් අබියසත් ඔහු හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන් අබියසත් ඔවුන්ගේ තර්කය බරපතල වරදක් විය. අපගේ වදන් අවලංගු කිරීම සඳහා තර්ක කළ මොවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවාක් සේ ම සත්යය පිළිගැනීමට උඩඟු වූ අහංකාර වූ සෑම කෙනෙකුගේ ම හදවත් මත අල්ලාහ් මුද්රා තබනු ඇත. එවිට නිවැරදි දේ වෙත මග පෙන්වනු නොලබන අතර ම යහපත වෙත මග පෙන්වනු නොලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න