සූරා 40 · ජුස් 24
Ghafir · 40:34
وَلَقَدْ جَاءَكُمْ يُوسُفُ مِنْ قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِمَّا جَاءَكُمْ بِهِ ۖ حَتَّىٰ إِذَا هَلَكَ قُلْتُمْ لَنْ يَبْعَثَ اللَّهُ مِنْ بَعْدِهِ رَسُولًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُرْتَابٌ
“තවද මීට පෙර සැබැවින්ම යූසුෆ් පැහැදිලි සාධක සමග නුඹලා වෙත පැමිණියේය. නමුත් ඔහු කවර දෙයක් නුඹලා වෙත ගෙන ආවේ ද ඒ ගැන සැකයෙහි නුඹලා ඉවත් නොවී සිටියෙහුය. ඔහු මිය ගිය විට ඔහුගෙන් පසු ව ‘අල්ලාහ් රසූල්වරයකු එවන්නේම නැතැයි’ නුඹලා පැවසූවෙහුය. කවරෙකු සීමාව ඉක්මවා යමින් සැක ඇති කරන්නේ ද එවැන්නන් අල්ලාහ් නොමග යවනුයේ එලෙසය.”
තෆ්සීර්
මූසාට පෙර අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් පැහැදිලි සාධක සමග යූසුෆ් නුඹලා වෙත පැමිණියේය. ඔහු නුඹලා වෙත කවර කරුණක් ගෙන ආවේ ද ඔහු මරණයට පත් වන තුරුම නුඹලා එය බොරු කරමින් හා සැක කරමින් සිටියෙහුය. සැකය හා කුතුහලය නුඹලා වර්ධනය කර ගත්තෙහුය. තවදුරටත්: ‘මොහුගෙන් පසු කිසිදු දූතයකු අල්ලාහ් එවන්නේ නැතැ'යි නුඹලා පැවසුවෙහුය. මෙම සත්යයෙන් නුඹලා මුළාවූවාක් සේම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන ඔහුගේ ඒකීයත්වය පිළිබඳ සැකයෙන් පසුවන සෑම කෙනෙකුවම අල්ලාහ් නොමග යන්නට ඉඩ හරින්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න