සූරා 40 · ජුස් 24
Ghafir · 40:31
مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَالَّذِينَ مِنْ بَعْدِهِمْ ۚ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعِبَادِ
නූහ්ගේ ජනයා, ආද්, සමූද් හා ඔවුනට පෙර සිටි කණ්ඩායම් වැනි අයට සිදුවූවාක් මෙන් (යමක් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි) තවද ගැත්තන් හට අපරාධයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි.” යැයි විශ්වාස කළ එම පුද්ගලයා පැවසීය.
තෆ්සීර්
නූහ්ගේ ජනයා හා ආද්, සමූද් සමූහයන් මෙන්ම ඔවුනට පසු පැමිණි තම දූතවරුන් බොරු කොට ප්රතික්ෂේප කළවුන්ට අත් වූ ඉරණම මෙනි. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් සැබවින්ම අල්ලාහ් ඔවුන් විනාශ කළේය. අල්ලාහ් ගැත්තන්හට අපරාධයක් සිදු කරන්නට අපේක්ෂා නොකරයි. සැබවින්ම ඔහු ඔවුනට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් දඬුවම් දෙනුයේ පූර්ණ ප්රතිවිපාකයක් වශයෙනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න