සූරා 4 · ජුස් 6
An-Nisa · 4:157
وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِنْ شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِيهِ لَفِي شَكٍّ مِنْهُ ۚ مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ إِلَّا اتِّبَاعَ الظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًا
අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු යැයි ඔවුන් පැවසූ හෙයින් ද; නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළහ. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ බැඳ නොතැබූහ. නමුත් ඔවුනට ඔහු ව ආදේශ කරන ලදී. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නොකළෝය.
තෆ්සීර්
සැබැවින්ම මර්යම්ගේ පුත් අල්ලාහ්ගේ දූත ඊසා ව අපි මරා දැමුවෙමු'' යැයි අභූත චෝදනා නගමින් අහංකාරයෙන් යුතු ව ඔවුන් ඉදිරිපත් කළ ඔවුන්ගේ ප්රකාශය හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. ඔවුන් පවසන පරිදි ඔවුන් ඔහු ව ඝාතනය කළේ නැත. කුරුසියේ දමා ඇණ ගැසුවේද නැත. ඔවුන් ඝාතනය කළේ ඊසාට සමාන හැඬරුවක් අල්ලාහ් විසින් පිරිනමා තිබූ පුද්ගලයෙකි. කුරුසියේ දමා ඇණ ගැසුවේද ඔහුවය. නමුත් ඝාතනය කරනු ලැබූ පුද්ගලයා ඊසා (අලය්හිස් සලාම්) යැයි ඔවුහු අනුමාන කරති. තමන් ඔහු ව ඝාතනය කළ බවට වාද කරන යුදෙව්වන් හා ඔහුට අවනත වූ කිතුනුවන් යන දෙදෙනාම ඔහු විෂයෙහි සැකයෙහි පසු වෙති. ඒ ගැන දැනුමක් ඔවුනට නැත. ඔවුන් අනුගමනය කරනුයේ අනුමානයයි. අනුමානය කිසිදු සත්යයකට ඵල නොදෙනු ඇත. ඔවුහු ඊසාව ඝාතනය කළේ නැත. කුරුසියේ ඇණ ගසා එල්ලුවේද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න