සූරා 4 · ජුස් 6
An-Nisa · 4:150
إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللَّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَرُسُلِهِ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذَٰلِكَ سَبِيلًا
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්රතික්ෂේප කර අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් කොට (රසූල් වරුන් අතුරින්) ඇතැමුන් ව අපි විශ්වාස කරමු. එමෙන්ම ඇතැමුන් ව අපි ප්රතික්ෂේප කරමු යැයි පවසා මේ (විශ්වාසය හා ප්රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී.
තෆ්සීර්
අල්ලාහ් ව ප්රතික්ෂේප කර, ඔහුගේ දූතවරුන්ද ප්රතික්ෂේප කළවුන් වනාහි, අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර වෙනස්කම් ඇති කිරීමට ඔවුන් අපේක්ෂා කරති. එය "ඇතැම් දූතවරුන් අපි විශ්වාස කළ ද ඔවුන්ගෙන් සමහරෙකු අපි ප්රතික්ෂේප කරන්නෙමු" යැයි පවසා ඔහු ව පමණක් විශ්වාස කොට අන් දූතවරුන් බොරුකාරයින් බවට පත් කිරීමෙනි. තමන් ව මුදවා ගනු ඇතැයි සිතමින් දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය අතර මාර්ගයක් සොයන්නට ඔවුහු මාන බලති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න