සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:36
أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ ۖ وَيُخَوِّفُونَكَ بِالَّذِينَ مِنْ دُونِهِ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
අල්ලාහ් තම ගැත්තාට ප්රමාණවත් අයකු නොවීද? තවද ඔවුහු ඔහුගෙන් තොර අන්අය ගෙනැවිත් ඔබ බිය ගන්වන්නෙහුය. තවද අල්ලාහ් කවරෙකු නොමග හරින්නේද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නොමැත.
තෆ්සීර්
අල්ලාහ්ගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට තම ආගමික කටයුතු හා ලෞකික කටයුතු වලදී අල්ලාහ් ප්රමාණවත් නොවන්නේ ද? ඔහු ඔහුගේ සතුරන්ගෙන් ඔහු ව වළක්වාලන්නෙකු නොවේ ද? එසේය. සැබවින්ම ඔහු ප්රමාණවත්ය. අහෝ දූතය! ඔවුන්ගේ මෝඩකම හා අඥානකම හේතුවෙන් අල්ලාහ් හැර ඔවුන් නමදින පිළිම නුඹට නපුරක් කරනු ඇතැයි ඔවුහු නුඹ ව බියගන්වති. කවරෙකු අල්ලාහ්ට අවමන් කරන්නේ ද අල්ලාහ් ඔහුට යහ මග වෙත ආශිර්වාද කරන්නේ නැත. පසු ව ඔහුට මග පෙන්වන ඔහුට ආශිර්වාද කරන කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න