සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:24
أَفَمَنْ يَتَّقِي بِوَجْهِهِ سُوءَ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَقِيلَ لِلظَّالِمِينَ ذُوقُوا مَا كُنْتُمْ تَكْسِبُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නපුරු දඬුවමින් තම මුහුණ ආරක්ෂා කර ගන්නා කවුද?“නුඹලා උපයමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිනු” යැයි අපරාධකරුවන්ට කියනු ලැබේ.
තෆ්සීර්
අල්ලාහ් යමෙකුට යහ මග පෙන්වා මෙලොවෙහි ඔහුට ආශිර්වාද කොට මතු ලොවෙහි ඔහු ව ස්වර්ගයට ප්රවේශ කළ පුද්ගලයෙකු, දෙවියන් ප්රතික්ෂේප කොට දේව ප්රතික්ෂේපය මත ම මිය ගොස් අවසානයේ අත් දෙක හා පාද දෙක බැඳ දමා නිරා ගින්නට ප්රවේශ කොට අපා ගින්නට මුණින් අතට වැටීමෙන් මිස ආරක්ෂාව ලැබිය හැකි පුද්ගලයකු හා සමාන වන්නේ ද? දෙවියන් ප්රතික්ෂේප කරමින් හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධකරගත්තවුන් හෙළා දකිමින් ‘නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් උපයමින් සිටි දෑ විඳවනු. මෙය නුඹලාගේ ප්රතිවිපාකය වේ’ යැයි කියනු ලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න