සූරා 39 · ජුස් 23

Az-Zumar · 39:23

اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا مَثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ اللَّهِ ۚ ذَٰلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاءُ ۚ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ

තම පරමාධිපතිට බියවන්නන්ගේ හම් එමගින් කිළිපොළා යන, නැවත නැවතත් (යුගල වශයෙන්) ප්‍රකාශ වන එකිනෙකට සමාන අලංකාර කතාව ග්‍රන්ථයක් වශයෙන් ඔහු පහළ කළේය. පසු ව ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා මොළොක් වනු ඇත. එය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන අයට එමගින් ඔහු මග පෙන්වනු ඇත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද ඔහුට කිසිදු මග පෙන්වන්නකු නැත.

තෆ්සීර්

අල්ලාහ් තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ කළේය. එය කතාවෙන් වඩාත් අලංකාරය. සත්යය, අලංකාරය හා බැඳීම් හි එකිනෙකට ගැළපෙන පරස්පර නොවන කතා, නීති, ප්රතිඥා, අවවාද, සත්යවාදීන්ගේ ගුණාංග, අසත්යවාදීන්ගේ ගුණාංග හා වෙනත් දෑ වාර ගණනාවක් සඳහන් වන අයුරින් අල්ලාහ් එය පහළ කළේය. එහි ඇති අවවාද හා තර්ජන වලට ඔවුන් සවන් දෙන විට ඔවුන්ගේ පරමාධිපතිට බියෙන් ඔවුන්ගේ හම් කිළිපොළා යනු ඇත. පසු ව යහපත් බලාපොරොත්තු, ශුභාරංචි ඇති දෑ ට ඔවුන් සවන් දුන් විට ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීම සඳහා යටත් වී සැහැල්ලු වනු ඇත. අල් කුර්ආනයේ සඳහන් කරනු ලැබූ ඒවා හා ඒවායෙහි බලපෑම් අල්ලාහ් තමන් අභිමත කරන අයට පෙන්වා දෙන මග පෙන්වීම් වෙයි. අල්ලාහ් කවරෙකු අවමානයට පත් කළේ ද, ඔහුට යහ මග සඳහා ඔහු ආශිර්වාද කරන්නේ නැත. ඉන්පසු ඔහුට මග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු ද නොවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න