සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:80
الَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنْتُمْ مِنْهُ تُوقِدُونَ
ඔහු වනාහි නුඹලාට අමු ගසින් ගින්දර ඇති කළ අයයි. එවිට නුඹලා එයින් දල්වන්නෙහුය.
තෆ්සීර්
අහෝ ජනයිනි! තෙත් සහිත අමු ගසින් නුඹලා මතු කරගන්නා ගින්දර නුඹලාට ඇති කළේ ඔහුය. එවිට නුඹලා එමගින් ගිනි දල්වා ගන්නෙහුය. එකිනෙකට පටහැනි විරුද්ධ දෙකක් අතර එනම් අමුගසෙහි ජල තෙතමනය හා එහි අවුලන ගින්න අතර එක් කළ ඔහු මළවුනට යළි ජීවය ලබා දෙන්නට බලය ඇත්තාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න