සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:79
قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
“මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳ ව සර්වඥානීය” යැයි (නබිවරය) ඔබ පවසනු.
තෆ්සීර්
අහෝ මුහම්මද්! ඔහුට පිළිතුරු වශයෙන් නුඹ මෙසේ පවසනු. ‘දිරාපත් වී ගිය මෙම අස්ථි මුල්වරට මැවූ අය ඒවාට යළි ජීවය දෙනු ඇත. කවරෙකු ඒවා මුල් වරට මැව්වේ ද ඒවාට යළි ජීවය දෙන්නට ඔහු අපොහොසත් වන්නේ නැත. ඔහු සියලු මැවීම් පිළිබඳ මැනවින් දන්නා සුවිශුද්ධයාණන්ය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න