සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:75
لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحْضَرُونَ
ඔවුනට උදව් කිරීමට ඔවුහු ශක්තිය නොදරති. (විනිශ්චය දිනයේ) ඔවුනට (එරෙහිව) ඔවුහු සේනාවක් සේ ගෙන එනු ලබති.
තෆ්සීර්
එසේ ඔවුන් ගත් එම දෙවිවරුන් ඔවුනට උදව් කිරීමට අපොහොසත් වෙති. අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින කිසිවකුගේ උදව්වක් ඔවුනට නැත. ඔවුන් හා ඔවුන්ගේ පිළිම යන සියල්ල දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති. ඔවුන් සෑම කෙනෙකුම අනෙකාගෙන් මිදෙන්නට බලනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න