සූරා 36 · ජුස් 23

Ya-Sin · 36:65

الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

අද දින අපි ඔවුන්ගේ කටවල් වලට මුද්‍රා තබමු. තවද ඔවුන්ගේ අත් අප සමග කතා කරයි. තවද ඔවුන් උපයමින් සිටි දෑ ගැන ඔවුන්ගේ පාද සාක්ෂි දරයි.

තෆ්සීර්

අද දින ඔවුන්ගේ මුවවල් වලට අපි මුද්රා තබමු. ඔවුන් නියැලී සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හෙළා දකිමින් ඔවුනට කතා කළ නොහැකි පරිදි ගොළුවන් බවට ඔවුන් පත් වනු ඇත. ඔවුන්ගේ අත් මෙලොව සිදු කළ දෑ සම්බන්ධයෙන් අප සමග කතා කරයි. එමෙන්ම පාපකම් සිදුකරමින් තිබූ ඒ වෙත ගමන් කරමින් තිබූ ඔවුන්ගේ පාද සාක්ෂි දරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න