සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:47
وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَنْ لَوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُبِينٍ
අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනුයි ඔවුනට කියනු ලැබූ විට ප්රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා “අල්ලාහ් අභිමත වී නම්, ඔහු කවරෙකුට ආහාර සපයන්නේ ද එවැන්නන්හට අපි ආහාර සපයන්නෙමු ද? නුඹලා පැහැදිලි මුළාවෙහි මිස නැත” යැයි පවසා සිටියහ.
තෆ්සීර්
‘අල්ලාහ් නුඹලාට පෝෂණය කළ ධනයෙන් නුඹලා දිළිඳුන් හා දුප්පතුන්ට උපකාර කරනු’යි එම මුරණ්ඩුකාරයින් හට කියනු ලැබූ විට, ඔවුන් එය හෙළා දකිමින් දෙවියන් මත විශ්වාස කළවුනට මෙසේ ප්රතිචාර දැක්වූවෝය. ‘අල්ලාහ් කවරෙකුට ආහාර සැපයීම සඳහා අභිමත කර ඇත්තේ ද ඔහුට ආහාර ඔහුම සපයනු ඇත. එවන් අයට අපි ආහාර සැපයිය යුතුද? එහෙයින් අපි ඔහුගේ අභිමතයට විරුද්ධ නොවෙමු. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා පැහැදිලි වරදෙහි හා සත්යයෙන් දුරස් වී මිස නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න