සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:31
أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ
ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කර ඇත්තෙමු දැයි ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම ඔවුහු ඔවුන් වෙත නැවත නොපැමිණෙනු ඇත.
තෆ්සීර්
දූතවරුන් අපහාසයට ලක් කරමින් ඔවුන්ව බොරුකළවුන් ඔවුනට පෙර සමූහයන් තුළ පාඩම් නොදුටුවෝද? සැබැවින්ම ඔවුන් මිය ගියෝය. නැවත වතාවක් මෙලොවට ඔවුන් පැමිණියේ නැත. නමුත් ඔවුන් පෙර සිදු කළ ක්රියාවන් වෙත ඔවුන් ගමන් කර ඇත. ඒ සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න