සූරා 36 · ජුස් 23

Ya-Sin · 36:30

يَا حَسْرَةً عَلَى الْعِبَادِ ۚ مَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

අහෝ ගැත්තන් වෙත වූ ඛේදය! ඔවුන් වෙත රසූල්වරයෙකු පැමිණි විට ඔවුහු ඔහු සරදම් කරමින් සිටියා මිස නැත.

තෆ්සීර්

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බොරුකාර ගැත්තන් දඬුවම දෑසින් දකින විට ඔවුනට අත්වන විනාශයේ තරම! එයට හේතුව සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සිටිය දී අල්ලාහ් වෙතින් දූතයකු ඔවුන් වෙත පැමිණි විට ඔහුට සරදම් කරමින් හා ඔහු ව හාස්යයට ලක් කරමින් සිටි බැවිණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දෙසින් ඔවුන් සිදු කළ වැරදි සඳහා ඔවුන්ගේ අවසානය ඛේදයක්ම විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න